මැතිවරණ තුනක් එකවර පවත්වන්න බෑ -ලක්ෂ්මන් යාපා
එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් පවසන පරිදි මැතිවරණ තුනක් එකවර පැවැත්වීමට ප්‍රා යෝගිකව හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (26දා) පැවසීය.
ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවන බවත්, ඉන් පත්වන ජනාධිපතිවරයා විසින් 2020 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බවත් පැවසූ මන්ත්‍රීවරයා මේ අවස්ථාවේදී සිදු කළ හැක්කේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම පමණක් බව කියා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණ තුනක් එකවර පැවැත්වීමට ගියහොත් ඡන්ද පෙට්ටි තුනක් තැබීමට සිදුවන බවත්, එහිදී ඡන්ද දායකයන් හා නිලධාරීන් දැඩි අපහසුතාවට පත්වන බවත්ය.
මේ අවස්ථාවේදී මහමැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවත්, නවක මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමිවීම පිළිබඳ කාරණය හේතුවෙන් එවැනි යෝජනාවක් ගෙනඒමේ ප්‍රායෝගික ගැටලුවක් තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
popular news
-
Don Wednesday, 26 December 2018 07:25 PM
හීනෙන් භය වෙලාද? කාටද මැතිවරණයකට හදිස්සියක් තියෙන්නේ උවමනාම නම් ජනාධිපතිවරණය තියන්න MS ට බලකරන්න.
Reply : 0 0
දේශප්‍රිය Wednesday, 26 December 2018 09:36 PM
විදෙස් රටවල එකවර ජන්ද දෙක තුන එකට පවත්වනවා. ඒක ඉතාම සාර්ථක වියදම් අඩු ක්‍රමයක්. අනික සියලුම ජන්ද එකවර තබන ඒක තමයි ලංකාව වගේ රටකට සුදුසු. ජනපති, පාර්ලිමේන්තුව, පළාත් පාලන ආයතන සියල්ලම එකම එකම දවසේ තිබ්බම මොකක් හරි එක් පක්ෂයක් බලය ලබාගෙන වැඩ කරගෙන යයි. නැත්තං කඩින් කඩ ජන්ද තියලා දැන් මේ වෙලා තියෙන විකාරේ පේනවා නේද? ජනපති නිදහස් පක්ෂේ. ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ, පළාත් පාලන ආයතන පොහොට්ටුවේ. කොයි වැඩෙත් හබක්. එකිනෙකා රණ්ඩු වේවි ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නෑ. ජනපතිට අවශ්‍ය නම් හරියටම සති දෙකකින් පස්සේ ජනාධිපතිවරනයක් පවත්වන ලෙස ඉල්ලා සිටින්න පුළුවන්. ඒ වගේම පළාත්පාලන ආයතන ජන්දය පවත්වන්නත් පුළුවන්. මොකද සියලුම පළාත්පාලන ආයතන වල කාලය දැන් අන්තිම මාස කීපය යන්නේ. පෙළක් පළාත්පාලන ආයතන කල්ඉකුත් වී අවසන්. පාර්ලිමේන්තු තුනෙන් දෙකේ ජන්දයෙන් පාර්ලිමේන්තුවත් විසිරුවා හරින්න පුළුවන්. මේක තමයි මේ වෙලේ රටට තියෙන හොදම දෙය. සියලුම ජන්ද එකට පවත්වා ජය ගන්නා පක්ෂයට සියලුම ආයතන වල බලය ලබා දී රටට වැඩක් කරගන්න එක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

